හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝබර් මස 26 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) නියෝග කෙළේය.
හිටපු මහ බැංකු අධිපති වන අජිත් නිවාඩ් කබ්රාල් යන අය සාපරාධි විස්වාසය කඩ කිරීම, බැංකු කරුවෙකු විසින් සිදු කරණු ලබන සාපරාධි විස්වාසය කඩ කිරීම, මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, 1937 අංක 07 දරණ (සංශෝධිත) ආඥා පනතේ අංක 56 (අ) (1) (අ) යටතේ වරදක් සිදු කර ඇති බවට හිටපු රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව මෙම විදෙස් ගමන් තහනම පැනවීය.